නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවේ.. කෙලින්ම නිරෝධායනයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 15, 2020

නිරෝධායන නොවී සැගවී සිටි 04ක් අත්අඩංගුවේ.. කෙලින්ම නිරෝධායනයට

මෑතකදී දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායන නොවී ගුවන්තොටුපොළෙන් පැනගොස් සිටී රුණයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ තම නිවෙස්වල සැඟවී සිටියදී ය.

ගුවන්තොටුපලෙන් සහ ප්‍රදේශවාසීන් විසින් ලබා දුන් තොරතුරු අනුව මෙම සිවුදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.

එම පිරිස නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර රජය ඉල්ලා සිටින්නේ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණ මෙතෙක් නිරෝධායනය නොවූ සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට පැමිණෙන ලෙසයි.

එසේ නොහැකි නම් ළඟම ඇතත් ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad