සුප‍්‍රකට පුද්ගලික රෝහලක් කොරෝනාවලින් ගිනිකයි.. 3000ට අඩු පරීක්‍ෂණයට 17,000ක් ගනී.. නිවසටත් එන්නම්ලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

සුප‍්‍රකට පුද්ගලික රෝහලක් කොරෝනාවලින් ගිනිකයි.. 3000ට අඩු පරීක්‍ෂණයට 17,000ක් ගනී.. නිවසටත් එන්නම්ලු

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විසින් කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාපාරයක් බවට පත් කර ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

රුපියල් 3000 කට අඩු මුදලක් වැයවන කොරෝනා පරීක්ෂණය සඳහා එම රෝහල විසින් රුපියල් 17,000 ක මුදලක් අය කරන බව එහි නිලධාරීන් කියා සිටිති.

කොළඹ පැවැත් වූ මාධ්‍ය හමුවකදී එහි ප‍්‍රධානීන් මෙම චෝදනාව එල්ල කලේය.

මේ අතර අදාළ රෝහල විසින් කොරෝනා වෛද්‍ය පරීක්ෂණ සිදුකරන බව සඳහන් කෙටි පණිවිඩ දුරකථන ජාල වලට යොමු කර ඇත.

එහි දැක්වෙන්නේ කොරෝනා යයි සැක පුද්ගලයන්ට පරීක්‍ෂණ සදහා සිය ජීව සාම්පල රෝහලට පැමිණ ලබාදිය හැකි මෙන්ම අවශ්‍ය නම් රෝහල් නිලධාරීන් නිවසට ද එවිය හැකි බවයි.

අදාල පරීක්ෂණ වාර්තා දින තුනක් ඇතුළත ලබා දෙන බවද ඒ සදහා ගාස්තුව රුපියල් 17,000ක් යයිද එම පණිවිඩ වල සඳහන් වෙයි.

නාරාහේන්පිට ප‍්‍රදේශයේ පිහිටි මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක් විසින් මෙම කටයුත්ත සිදු කරමින් සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad