ඉන්ධන මිල අඩුකිරීම වෙනුවට ජනපතිගෙන් ජනතාවට පරිප්පු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

ඉන්ධන මිල අඩුකිරීම වෙනුවට ජනපතිගෙන් ජනතාවට පරිප්පු !

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඩුවීමේ සහනය ජනතාවට ලබාදීම සඳහා මෙරට ඉන්ධන මිල අඩුකිරීම වෙනුවට පරිප්පු මිල සහ විදුලි බිල් අඩුකිරීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම්වරයාට නියම කර තිබේ.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පසුගිය මාස තුන තුළ 50%කට ආසන්න අගයකින් අඩුවී තිබෙන අතර එම සහනය ශ්‍රී ලංකාවේ ජනතාවට ද ලබාදෙන ලෙස දසතින් ඉල්ලීම් පැමිණිය ද රජය දිගින් දිගටම ප්‍රකාශ කළේ මේ මොහොතේ ඉන්ධන මිල අඩු නොකරන බවයි. ඊට හේතු වශයෙන් රජයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණේ ඉන්ධන මිල අඩුකළහොත් ජනතාව නිකරුණේ රස්තියාදු ගැසීමට පෙළඹෙනු ඇති බවකි.

එසේම රජයේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරුණු තවත් තර්කයක් වූයේ ඉන්ධන මිල අඩු කළ ද එහි වාසිය සමස්ත ජනතාවටම බෙදී නොයන නිසා සමස්ත ජනතාවටම ප්‍රතිලාභ ලැබෙන විශේෂ ක්‍රමවේදයක් යටතේ මෙම සහනය ලබාදිය යුතු බවය.

ඒ අනුව සමස්ත ජනතාව වෙතම එම ප්‍රතිලාභය බෙදී යන සේ පරිප්පු මිල සහ විදුලි බිල් අඩුකිරීමට කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා නියම කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඉන්ධන මිල අඩුකෙරුණේ නම් ප්‍රවාහන ගාස්තු පහළ බැසීම නිසා පොදුවේ රටේ සියලුම භාණ්ඩවල මිල යම් ප්‍රතිශතයකින් හෝ අඩුකිරීමට හැකියාවක් පැවති අතර දැන් සිදුකර ඇත්තේ එම අවස්ථාව අහිමි කර ජනතාවට පරිප්පු කැවීමය.

No comments:

Post a Comment

Post Bottom Ad