විදේශ ඇමති දිනේෂ්ට කොරෝනා..? - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 14, 2020

විදේශ ඇමති දිනේෂ්ට කොරෝනා..?

විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එජාප හා සජබ හිතවාදී අන්තර්ජාල පුවත් අඩවි සහ සමාජ ජාල ගිණුම් කිහිපයක්ම වාර්තා කර ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහල නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයෙකුට කොරෝනා වැළඳීම සමගින් ඒ හරහා විදේශ ඇමතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තාවන්හි සඳහන් වෙයි.

නමුත් එම වාර්තා දැඩිව බැහැර කරන විදේශ කටයුතු ඇමතිවරයාගේ ප‍්‍රකාශකයෙකු සඳහන් කරන්නේ එය සම්පූර්ණ අසත්‍යයක් බවය.

ඊයේ දිනයේ ද ඇමතිවරයා උත්සව සහ නිල රාජකාරි කටයුතු ගණනාවකටම සහභාගි වූ බව ද ඔහු පැවසීය.

අදාළ අසත්‍ය වාර්තා කරුණු වාර්තා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශකයා තව දුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad