කෝවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇත.
කොරෝනා කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මතු වන ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව පසුගිය සතියේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහිදී මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත් ආවරණ අවශ්‍ය තරම් තොග ආනයනය කිරීමට තීරණය කර ඇත.
ලෝකයේ රටවල් 90ක පමණ කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබේ. ඇතැම් රටවල වෛරසය ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙයි.
ලබන සතිය වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය නිර්දේශ ලබාදෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර පවසයි.
– aruna
Wednesday, March 11, 2020
කොරෝනා නිසා මැතිවරණය කල් යයි,අන්තිම තීන්දුව එන සතියේ වාර්තාවෙන්.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment