කොරෝනා නිසා මහ මැතිවරණය කල් දමන ලකුණු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

කොරෝනා නිසා මහ මැතිවරණය කල් දමන ලකුණු !

කොරෝනා වසංගත තත්ත්වය නිසා මහ මැතිවරණය කල් දැමීමට සුදානමක් පවතින බව වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතය.
කොරෝනා කෝවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීම නිසා මතු වන ගැටලු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසන් සභාව පසුගිය සතියේදී සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මැතිවරණ රාජකාරියේ නිරත වන නිලධාරීන් සඳහා අවශ්‍ය මුඛ ආවරණ, අත් ආවරණ අවශ්‍ය තරම් තොග ආනයනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ලබන සතිය වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මත මැතිවරණ කොමිසන් සභාවට අවශ්‍ය නිර්දේශ ලබාදෙන බව වසංගත රෝග  විද්‍යා අංශයේ අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad