ශ්‍රී ලංකාවෙන් තවත් COVID -19 ආසාධිතයෙක් හමු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

ශ්‍රී ලංකාවෙන් තවත් COVID -19 ආසාධිතයෙක් හමු වෙයි

සැක සහිත රෝග ලක්ෂණ සහිතව IDH උණ රෝහලට ඇතුළත් කෙරුණු පුද්ගලයෙකුට කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

වයස අවුරුදු 50ක් වන මෙම පුද්ගලයා ශී‍්‍ර ලාංකිකයෙක්.
ඔහු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස වෘත්තියේ යෙදී සිටින්නෙකු බවද වාර්තා වූණා. ඉකුත් දිනවලදී මෙම පුද්ගලයා ඉතාලියෙන් පැමිණි සංචාරකයින් පිරිසකට මගපෙන්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. සැක සහිත රෝග ලක්ෂණ සහිතව ඔහු රෝහල් ගත කර ඇත්තේ පෙරේදා (09) දිනයේදීයි.


No comments:

Post a Comment

Post Bottom Ad