ඉල්ලීම් නොලැබුණොත් නව බලවේගයක් හදා ආණ්ඩුවට අභියෝග කරනවා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

ඉල්ලීම් නොලැබුණොත් නව බලවේගයක් හදා ආණ්ඩුවට අභියෝග කරනවා.

මද්‍රසා පාසල් තහනම් කිරීම ඇතුළු තම ඉල්ලීම්වලට පැය 24 ක් ඇතුළත රජයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් නව ජාතික බලවේගයක් ගොඩ නගා ආණ්ඩුවේ ඉදිරි ගමනට අභියෝග කරන බව විජය ධරණී ජාතික සභාවේ සභාපති අතුරලියේ රතන හිමියෝ ඊයේ (12 වැනිදා* අවධාරණය කර කියා සිටියහ.

 මෙම නව ජාතික බලවේගය ඉදිරි මැතිවරණයට තරග කරනවා ද නැද්ද යන්න තවම කිව නොහැකි යැයි කී උන්වහන්සේ මහමැතිවරණයට තරග කළහොත් ආසන විස්සක් හිමිකර ගනිමින් ආණ්ඩුවට බලපෑමක් කරන බවත් කීහ.

 මද්‍රසා පාසල් තහනම් කිරීම, කාති උසාවියේ තහනම් කිරීම, බුර්කාව තහනම් කිරීම හා හිස්බුල්ලා සතු නැගෙනහිර විශ්වවිද්‍යාලය ඇතුළු නීති විරෝධී ලෙස සතු කරගත් දේපළ රජයට පවරා ගැනීම මෙම ඉල්ලීම් බව උන්වහන්සේ පැවසූහ.

 තමන් වහන්සේගේ ඉල්ලීම්වලට යහපත් ප‍්‍රතිචාර හිමි වුවහොත් ඉදිරි මහ මැතිවරණයේදී ආණ්ඩුවට සහාය දක්වන බවද රතන හිමියෝ සඳහන් කළහ. අතුරලියේ රතන හිමියෝ ඊයේ (12)වැනිදා* එම අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණෙහි පැවති මාධ්‍ය හමුවකදීය.
-Divaina.
  

No comments:

Post a Comment

Post Bottom Ad