කෝරෝනාවෙන් රටම භීතියට,ආහාර තොග රැස්කරති,වෙලද සැල් හිස්වේ,භාණ්ඩවලට රණ්ඩුවෙති. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

කෝරෝනාවෙන් රටම භීතියට,ආහාර තොග රැස්කරති,වෙලද සැල් හිස්වේ,භාණ්ඩවලට රණ්ඩුවෙති.

කොරෝනා ආසාධිත ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු හමුවීම හා දින 40ක කාලයකට පාසැල් වසා දැමීම හේතුවෙන් රට පුරා ජනතාව මහත් කලබලයට පත්ව සිටී.

ඒ හේතුවෙන් ඔවුන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර ගැනීමට අද දිනයේදී මහත් වෙහෙසක් දරමින් සිටිනු දක්නට ලැබිනි.

රට පුරා පිහිටි සුපිරි වෙළඳසැල් මෙන්ම සාමාන්‍ය වෙළඳපොළවල්වල සහල් පිටි පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් ඔවුන් මිලට ගැනීමට කටයුතු කර ඇත.

මේ හේතුවෙන් බොහෝ සුපිරි වෙළඳ සැල්වල රාක්ක හිස්ව ගොස් ඇති අතර අත්‍යවශ්‍ය භාණ්ඩ වල හිගයක් ඇතිව තිබේ.

ඇතැම් වෙලදසැල්වලදී පාරිභෝගිකයන් අතර ගැටුම් ද ඇති වී තිබේ.
-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad