රොෂාන් පොලොන්නරු නායක යෝජනාව සම්මතයි.. සිරිසේන ඔහුටත් යටින් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 13, 2020

රොෂාන් පොලොන්නරු නායක යෝජනාව සම්මතයි.. සිරිසේන ඔහුටත් යටින් !

මෙම මැතිවරණයට තරඟ කරන පොලොන්නරුව දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායකයා ලෙස හිටපු රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ මහතා නම් කරන්නැයි යෝජනාවක් සම්මත කරගෙන ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් බල මණ්ඩලය විසින් මෙම යෝජනාව සම්මත කරගෙන තිබේ.
හිටපු ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තම ලයිස්තුවෙන් අපේක්‍ෂකත්වය දීම ගැන ගටුළුවක් නැතත් ඔහුට කණ්ඩායම නායකත්වය ලබාදිය නොහැකි බවයි.

එමෙන්ම නාමයෝජනා අත්සන් කරන දිනයේ දී තමනට ඊට ආරාධනා නොකිරීම ගැන කණගාටුවන බවත් කණ්ඩායම් නායකයා ලෙස තමන් ඊට අත්සන් කළ යුතුව තිබූ බව ප්‍රදේශයේ ජනතාවගේ අදහස බවත් ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad