මහ මැතිවරණයට අලියාගෙන් එන එජාපයට සහාය වන්න... වෙනත් ක්‍රියාකාරීන්ට සහාය දැක්වුවොත් පක්ෂයෙන් පන්නනවා – අකිල පළාත් පාලන මන්ත්‍රීන්ට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

මහ මැතිවරණයට අලියාගෙන් එන එජාපයට සහාය වන්න... වෙනත් ක්‍රියාකාරීන්ට සහාය දැක්වුවොත් පක්ෂයෙන් පන්නනවා – අකිල පළාත් පාලන මන්ත්‍රීන්ට දන්වයි

දිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය අලියා ලකුණින් තරග කරන බවත් ඒ සඳහා පූර්ණ සහය ලබාදෙන ලෙසත් එම පක්‍ෂයේ සියළුම පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන් වෙත එජාපය දන්වයි.

පක්‍ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අකිල විරාජ් කාරියවසම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ දැක්වෙන්නේ වෙනත් දේශපාලන හෝ වෙනත් කි‍්‍රයාකාරිත්වයකට සහය නොවීමට වගබලා ගන්නා ලෙසය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් මෙම තීරණයට පටහැනිව කි‍්‍රයාකරන පළාත් පාලන ආයතන මන්තී‍්‍රවරුන්ට එරෙහිව පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව විනය පියවර හෝ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටුවීමටද පියවර ගන්නා බවත් එවැනි තත්ත්වයක් ඇති නොවනු ඇතැයි විශ්වාස කරන බවත් එහි සඳහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad