වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 18, 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි



වහාම ක්‍රියාත්මක වන පරිදි  කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මේ අතර පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11 කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන 7 කටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයටත් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad