කොරෝනා නිසා සියළු ජනතාව නිවාසවලම රදවා නිරෝධායනයක් සූදානම්ද?- හමුදාපති පහදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

කොරෝනා නිසා සියළු ජනතාව නිවාසවලම රදවා නිරෝධායනයක් සූදානම්ද?- හමුදාපති පහදයි

ත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය විශාල වශයෙන් රැස් කිරීමේ කිසිදු වුවමනාවක් මේ මොහොතේ ඇති වී නැති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ වුවමනාවක් ඇත්තේ නම් ඒ බව රජය විසින් දැනුම් දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමනට දැමූ බවද ඔහු සඳහන් කළේය.

ඊයේ පස්වරුවේ මහජනතාව අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ රැස් කිරීම සඳහා වෙළඳසැල් දැඩි තරගයක නිරත වීම හේතුවෙන් හමුදාපති වරයා විසින් විශේෂ ප්‍රකාශය නිකුත් කරමින් මේ බව පැවසීය.

වෙළඳසැල්වල භාණ්ඩ රැස් කරගෙන සිටින්නේ දින දෙක තුනකට පමණක් ප්‍රමාණවත් තොග බවත් එක්වරම විශාල ලෙස ඒවා මිලදී ගත් පසු අවසන් වන නිසා භාණ්ඩ හිඟයක් ඇති වෙන බව සිතන බවද ඔහු පැවසුවේය.

මේ හේතුවෙන් රටේ මහජනතාව අනවශ්‍ය ලෙස තැති ගැනීමට ලක් වී ඇති බවත් මේ මොහොතේ රට තුළ භාණ්ඩ හිඟයක් ඇති වීමට කිසිදු හේතුවක් නැති බවද ඔහු පැවසීය.

ජනතාව නිවෙස් වල සිටම සිටම නිරෝධායන කටයුත්තක යොදවනවා යයි කිසිවෙකු පවසා ඇතත් එවැනි දෙයක් රජය විසින් මෙතෙක් තීරණය කර නැතැයිද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad