හමුදාපති කොරෝනා නිරෝධායනය ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද.. මේක හමුදා රාජ්‍යයක්ද?- JVP - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, March 12, 2020

හමුදාපති කොරෝනා නිරෝධායනය ගැන ප‍්‍රකාශ නිකුත් කරන්නේ කෙසේද.. මේක හමුදා රාජ්‍යයක්ද?- JVP

කොරෝනා ලෝක වසංගත තත්වය හේතුවෙන් සිදු කරන මෙරට නිරෝධාන ක්‍රියාවලිය ගැන ප්‍රකාශ නිකුත් කරන්නේ හමුදාපතිවරයා බවත් එසේ කරන්නේ මෙය හමුදා රාජ්‍යයක් නිසාදැයි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රශ්න කරයි. නිරෝධායන කටයුතු සඳහා රුපියල් 7500 අය නොකරන බව හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ කෙසේදැයි එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප‍්‍රශ්ණ කරයි.

කටුනායක ගුවන් තොටුපළට එන පිරිසට මඩකලපුවට යාමට නිසි ක්‍රමයවේදයක් නැති බවත් පැය ගණන් රස්තියාදු කරවන බවත් ඔහු පැවසීය.

මෙරටට වැඩිම ආදායම උපයා දෙන මෙම ජනතාවට ගුවන්තොටුපලේ පිළිගන්නා ආකාරය මෙසේ දැයි ඔහු ප්‍රශ්න කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad