කොළඹ ග්රෑන්ඩ්පාස් නාගලගම් විදිය අද (16) සිට හුදෙකලා ප්‍රදේශ කර තිබෙනවා.
ඒ ජා ඇල මත්ලෝලී කොරෝනා ආසාදිතයන්ව ඇසුරු කළ පුද්ගලයන් එම ප්‍රදේශයේ සිටීම නිසයි.
මේ අතර පොලිස් නිලධාරීන් විසිඑක් දෙනෙකු ඊයේ (15) සවස නිරෝධායනය සඳහා දෙහිවල අත්තිඩියේ පිහිටි යෝජිත පොලිස් විශ්වවිද්‍යාලයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.
ජාඇල දී හමුවූ කොවිඩ් – 19 වෛරසය ආසාදිතයා ඇසුරු කළ කොළඹ සෝන්ඩර්ස් පෙදෙසේ පදිංචි පුද්ගලයෙකු ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම නිසා කොළඹ කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
එම පුද්ගලයා ඉහත කොවිඩ් ආසාදිතයා ඇසුරු කර ඇති බවට අනාවරණය වීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගත් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් දහතුනක් එම මුරපොළේ සේවය කළ නිලධාරියෙකු සහ නීතිපති පොලිස් මුරපොළේ සේවය කළ නිලධාරීන් හතක් නිරෝධායනයට යොමුකර තිබෙනවා.

No comments:
Post a Comment