කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්නේ නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 15, 2020

කිසි ලෙසකින් පැවති පාර්ලිමේන්තුව යලි කැදවන්නේ නෑ !

පැවති පාර්ලිමේන්තුව කිසි ලෙසකින් යළි කැඳවීමට සූදානමක් නැති බව හිටපු රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා සඳහන් කරයි.

ඇතැමුන් පවසන ආකාරයට පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීමන් කිසිදු අවස්ථාවක සිදු නොකරනු ඇතැයිද ඔහු කියා සිටියේය.
කොරෝනා ව්‍යාප්තිය අවසන් වන තෙක් පාර්ලිමේන්තුව මැතිවරණය කල් දමා පැවති පාර්ලිමේන්තුව කැඳවන ලෙසට විපක්ෂයෙන් කර ඇති යෝජනාව ගැන අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද පාර්ලිමේන්තුව කැඳවීම කිසිදු අදහසක නැති බව ඇමැති විමල් වීරවංශ මහතා පසුගියදා කියා සිටියේය.

හදිසි නීතිය සම්මත කිරීම සඳහා පමණක් පාර්ලිමේන්තුව කැඳවීමට හැකියාවක් ඇතත් තමන් මේ මොහොතේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිදු සූදානමක් නැති බව ද ජනාධිපතිවරයා සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දුන් බවද ඇමතිවරයා පැවසුවේ ය.


No comments:

Post a Comment

Post Bottom Ad