තාරපුරම් ගම්මානයේ අවමගුල් අවස්ථාවක් සඳහා කොරෝනා වයිරසය ආසාදානය වූ අයෙකු පුත්තලම සිට පැමිණි බවට අනාවරණය වීම හේතුවෙන් තාරාපුරම් ගම්මානය මෙලෙස හුදකලා කර පිටස්තර පුද්ගලයින්ට ඇතුළුවීම හා නිවැසියන්ට නිවාසවලින් පිටතට පැමිණීමද තහනම් කිරීමට මන්නාරමේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගනු ලැබීය.
ඉන්දුනීසියාවේ සංචාරය නිරතව පැමිණ නිවසේ ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම්දී තිබූ පුද්ගලයකු පසුගිය මාර්තු මස 18 වැනිදා තාරාපුරම් ගම්මානයේ අවමගුල් උත්සවයකට සහභාගීවී ඇති අතර අනතුරුව ඔහුට අප්‍රේල් (07) කොරෝණා වයිරසය ආසාදනයවී ඇති බවට අනාවරණය වී තිබේ.
මේ වන විට තාරාපුරම් ගම්මානයට කිසිවෙකුට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකි අයුරින් පොලිසිය හා යුද හමුදාව එක්ව මාර්ග බාධක කිහියක් යොදා ගම්මානයේ අතුරුමාර්ග ඇතුලු සියලු මාර්ග වසාදැමූ බව මන්නාරම පොලිසිය පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:
Post a Comment