ආධාර කප්පාදුවට ගත් තීරණයට එරෙහිව ට්‍රම්ප්ට දැඩි විවේචන - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 15, 2020

ආධාර කප්පාදුවට ගත් තීරණයට එරෙහිව ට්‍රම්ප්ට දැඩි විවේචන

ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලබා දෙන ආධාර මුදල් නතර කිරිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබු තීරණය සම්බන්ධයෙන් මේ වන විට රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර සංවිධාන වලින් දැඩි විවේචන එල්ලවෙමින් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටාරේස් මේ සම්න්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට ආධාර මුදල් කප්පාදු කිරිම මේ සුදුසු වෙලාවක් නොවන බවයි.
කොරෝනා වසංගත පරාජය කිරිමට ජාත්‍යන්තර ප්‍රජාව සහයෝගයෙන් යුතුව එකාවන්ව කටයුතු කිරිමට දැන් කාලය එළඹ ඇති බවයි.

මේ අතර අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග සම්බන්ධයෙන් විශේෂඥයෙක් වන වෛද්‍ය අමේෂ් අඩල්ජා ප්‍රකාශ කර සිටියේ ගෝලීය වසංගත තත්ත්වයක් හමුවේ ගනු ලැබූ මෙම පියවර වැරදි පණිවිඩයක් ලබා දෙන බවයි.

2013 සහ 2014 කාල සීමාවේදී බටහිර අප්‍රිකාවේ ව්‍යාප්ත වූ ඉබෝලා වසංගතය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය එය වසංගත තත්ත්වයක් ප්‍රකාශ කිරිමට ප්‍රමාද වූ බව පැවසූ වෛද්‍ය අමේෂ් අඩල්ජා, එම ආයතනයේ වෙනස් කිරිමට අවශ්‍ය වුවත් ඒ සඳහා වර්ථමානයේ ඇතිවී තිබෙන වසංගත තත්ත්වය අවසන් වනතෙක් සිටිය යුතු බව කියා සිටියා.

මේ අතර නවසීලන්ත අගමැති ජසින්තා අර්ඩන් ප්‍රකාශ කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ තොරතුරු හුවමාරු කර ගැනීමට මෙන්ම අවශ්‍ය උපදෙස් ලබාදීමට විශ්වාසවන්ත ආයතනයක් තිබිය යුතු බවයි.

එම උපදෙස් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තමන්ට සපයා ඇති බවත් දිගටම එම ආයතනයට සහය දක්වමින් සිය දායකත්වය ලබා දෙන බව නවසීලන්ත අගමැතිවරිය කියා සිටියා.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් සිදුකළ විවේචන සම්බන්ධයෙන් තමන් අනුකම්පා කරන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාති බවත් කොරෝනා වෛරසය පාලනය කිරිමට නිසි ක්‍රියා මාර්ග නොගත් බවට ප්‍රකාශ කරමින් අමෙරිකාව විසින් ලබා දෙන ආධාර නතර කරන බවට ප්‍රකාශ කර සිටියා.


No comments:

Post a Comment

Post Bottom Ad