හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවකු සමඟ ඍජු සබඳතා පැවැත්වූ බව හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා අද (15) අනාවරණ කළේය.
පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාලව රියාජ් බදියුදීන්ව ඊයේ පස්වරුවේ පුත්තලම ප්‍රෙද්ශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණි.
පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා දේවස්ථාන සහ හෝටල් ඇතුළු ස්ථාන 8 ක බෝම්බ පුපුරුවාගනිමින් සිදු කළ ම්ලෙච්ඡ මිනිස් ඝාතනය හේතුවෙන් පුද්ගලයින් 250කට ආසන්න පිරිසකට ජීවිත අහිමි කළ ත්‍රස්තවාදීන් පිළිබඳ විමර්ශන කටයුතු සාධාරණ සහ අපක්ෂපාතී ලෙස සිදු නොවන බවට පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වුණි.
එවැනි පසුබිමක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළ අතර ඔවුන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් මෙහෙයවූ දෙදෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවේය.
එමෙන්ම ඊයේ රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම විමර්ශන කණ්ඩායම විසින් පුත්තලම ප්‍රදේශයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයෙක් වන පනියුදීන් මොහොමඩ් රියාජ් බදියුදීන් ඇතුළු තවත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවේය.
Wednesday, April 15, 2020
බදියුදීන්ගේ සොහොයුරා බෝම්බකරුවෙක් සමඟ සෘජු සබඳතා පැවැත්වූ බව හෙළි වෙයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment