මැතිවරණයද? මිනිස් ජීවිතද ? - ආණ්ඩුව තීරණයක් ගත යුතුයි (VIDEO) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, April 15, 2020

මැතිවරණයද? මිනිස් ජීවිතද ? - ආණ්ඩුව තීරණයක් ගත යුතුයි (VIDEO)

පවත්නා තත්ත්වය තුළ මැතිවරණයක් පවත්වනවාද? නැත්නම් මිනිස් ජීවිත ආරක්ෂා කරනවාද? යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොතේ පූර්ණ අවධානය යොමු කළ යුත්තේ කොරෝනා වෛරසය පරාජය කිරීමට බව ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

කළ යුත්ත පසෙකලා රටේ ජනතාවගේ ජීවිත  අනතුරේ දමමින් පවත්වන මැතිවරණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවයි ඔහු පවසන්නේ.

පොදු ජනතාවගේ මළ කඳන් උඩින් මැතිවරණ පවත්වා රට විනාශය කරා ගෙන යාමට සූදානම් නැති බවද  ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

 

No comments:

Post a Comment

Post Bottom Ad