වෙනත් පක්ෂයකින් නාම යෝජනා දීම හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ 100කට ආසන්න පිරිසකට විනය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අපේ ජාතික පෙරමුණු පක්ෂයේ සභාපති හා නායකයා ලෙස මැතිවරණ කොමිසමට ලිචිතව දැනුම් දී තිබෙන බවත් පසුව එය ඉල්ලා අස්කරගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත හෙළිදරව් කරන ලදී.
පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සභාපතිවරයා හා නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ පත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට භාර දී ඇති ලේඛනයේ පිටපතක් සමගි ජන බලවේගයේ සතුව පවතින බව පෙන්වා දෙන අත්තනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතා එම පෙරමුණේ එම ධූර වලට පත්වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩලයේ අනුමැතියකින් තොරව බවද පෙන්වා දෙයි.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියකින් තොරව වෙනම පක්ෂයක සභාපති හා නායක ධුරයට පත් වීම එය මැතිවරණ කාර්යාලයේ ලියාපදිංචිව තිබීම එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බැවින් එම හේතු පදනම් කොට රනිල් වික්‍රමසිංහ මහතාව එජාපයෙන් නෙරපීමට හැකි බව පෙන්වා දෙන අත්තනායක මහතා ඔහුව පක්ෂයෙන් නෙරපූ විට ස්වාභාවිකවම පක්ෂ නායකත්වය ද ඔහුට අහිමි වන බව අවධාරණය කරයි.
Friday, May 29, 2020
රනිල්ව එජාපයෙන් පන්නන්න පුළුවන් - ලියුම සමගි ජන බලවේගය ළඟ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment