මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී උපාලි ආනන්ද මහතාට එම පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් සහ සභාවේ සභාපතිවරයා විසින් සභා පරිශ්‍රය තුළදීම ඊයේ (29) දරුණු ලෙස පහර දී තිබිණි.
හිසින් ගලන රුධිරය සහිතව පාරට පැමිණි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ සභාපතිවරයා තමන්ට ගලකින් පහරදුන් අතර තවත් මන්ත්‍රීවරයකු යකඩ පොල්ලකින් පහර දුන් බවයි.
"ජනතාව වෙනුවෙන් සාධාරණය කතා කළාම මෙන්න සලකපු විදිය. මේකද ප්‍රජාතන්ත්‍රවාදේ ? ගරු ජනාධිපතිතුමනි, අහිංසක මිනිස්සු වෙනුවෙන් සභාවේ කතා කරාම මෙන්න සලකපු විදිය. අවුරුදු දෙකක් තිස්සේ මේක තමයි කියන්නේ.
සභාපති නිපුණ ගලකින් ගැහුවා. ඔක්කොම මන්ත්‍රීවරු අල්ලගෙන පෙරළව්වා. පෙරළලා ගැහුවා. ලලිත් යකඩ පොල්ලක් ගෙනාවා. වීඩියෝ ඇති. එව්වා බලන්න.
අද මාව මරන්නයි හැදුවේ. මරාගන්න බැරිවුණා. මේක සාධාරණය වෙනුවෙන් කරන සටනක්. සටන අතාරින්නේ නෑ" යනුවෙනුයි ඒ මහතා රෝහල්ගත කෙරෙන අතරතුර ප්‍රකාශ කළේ.
පහර කෑමට ලක්වූ මන්ත්‍රීවරයා මිහින්තලේ මූලික රෝහලට ඇතුළත් කෙරිණි. මූලික ප්‍රතිකාර වලින් පසු ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබිණි.
මිහින්තලේ රජමහා විහාරාධිපති හිමියන් එම අවස්ථාවේදී ලේ තැවරුණු මන්ත්‍රීවරයාගේ කමිසය මාධ්‍ය වෙත පෙන්වමින් පැවසුවේ "මේං, සතාගෙ වැඩ. මහජන ඡන්දයෙන් බලයට පත්වෙලා ගියාට පස්සෙ සාධාරණය වෙනුවෙන් කතා කළාට පස්සෙ සභාවේ ගේට්ටුව වහලා ගල්වලින් යකඩවලින් ගහලා තමයි මරන්න හදලා තියෙන්නෙ. පූරුවේ වාසනාවකට මැරිලා නෑ" යනුවෙනි.
2018 පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගත් නමුත් ඔවුන් මහජන නියෝජිතයින් ලෙස එම පක්ෂයෙන් ඉදිරිපත් කර තිබුණු පිරිස අතරින් විශාල කොටසක් ප්‍රාදේශීය මැරයින්, විවිධ ජාවාරම්කරුවන්, ස්ත්‍රී දූෂකයින් වශයෙන් චෝදනා ලැබූ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්, නීතිවිරෝධී මත්පැන් ජාවාරම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, වංචා වැනි සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් දිවයින පුරා පොහොට්ටු ප්‍රාදේශීය දේශපාලනඥයින් ගණනාවක්ම පසුගිය දෙවසර තුළ පොලිස් අත් අඩංගුවට ද පත්ව තිබිණි.
ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විනයගරුක රටක් හදන බව කියන්නේ මෙවැනි දේශපාලන නියෝජිතයින් පිරිසක් පිරිවරාගෙන ය.
Friday, May 29, 2020
මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු සභාපති පොහොට්ටු මන්ත්‍රීගේම ඔළුව පළයි !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment