ලාංකිකයන් ගෙන්වා ගන්නැයි විදෙස් රටවලින් ලංකාවට බලපෑම්,කොරෝනා ආසාදිත සිය ගණන් ගුවන් තොටුපලට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, May 29, 2020

ලාංකිකයන් ගෙන්වා ගන්නැයි විදෙස් රටවලින් ලංකාවට බලපෑම්,කොරෝනා ආසාදිත සිය ගණන් ගුවන් තොටුපලට


වීසා නැතිව විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගන්නා ලෙස ඇතැම් විදෙස් රටවල් විසින් බලපෑම් කරමින් ඇති බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

කටුනායක ගුවන් තොටුපලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

‘කුවේට් සහ ඩුබායි යන රට වලවලින් පැමිණි සමහර අය රෝගීන් විදිහටම තමයි ලංකාවට ඇල්ල තියෙන්නේ.

සමහර අවස්ථාවලදී අපේ රටට යම් බලපෑම් ආකාරයටම සමහර රටවල් වලින් වීසා නැතිව ඉන්න ශ්‍රී ලාංකික පුරවැසියන් ගේන්න කියලා කියනවා.

සිය ගණන් රෝගීන් විදිහටයි ඔවුන් මේ ගුවන් තොටුපළට පැමිණෙන්නේ. මේ රෝගය ඇඟට පනින රෝගයක්.

ඒනිසා ගුවන්තොටුපලෙ සිටින හැම දෙනාගේම ආරක්ෂාව තහවුරු කර ගැනීම අපේ වගකීමක්’ යයිද ඇය එහිදී කීවාය.
-lankacnews

No comments:

Post a Comment

Post Bottom Ad