වික්‍රමසිංහ මහතා විසින් ගුවන් විදුලි සංස්ථා පුස්තකාලයේ නිලධාරීන්ට එහි ඇති පැරණි වැඩසටහන් හා ගීත ලබන සඳුදාට පෙර ඔහුගේ පෞද්ගලික පරිගණකයේ ගබඩා කරන ලෙසට උපදෙස් දීමත් සමඟ අදාළ විරෝධය තීවුර වී ඇතැයි පැවසේ.
ගුවන් විදුලි සංස්ථා ගීත පුස්තකාලය තුළ ලංකාවේ බයිලා රජු ලෙස සැලැකෙන වොලී බැස්ටියන් මහතා විසින් ගායනා කරන ලද පළමු ගීතයේ මුල් ගීතය පවා සංරක්ෂිතව ඇතැයි වාර්තා වේ.
එසේම එහි විනෝද සමය වැනි වැඩසටහන්වලද මුල් පිටපත් ඇති බව පැවසේ.
පොහොට්ටු වෘත්තීය සමිතිය පරිපාලනයට එරෙහිව පොස්ටර් ගහලා
මේ අතර, වත්මන් සභාපතිවරයාට හා එහි අධ්‍යක්ෂවරුන් හා උපදේශකයන්ට විරෝධය දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිතියේ ගුවන්විදුලි සංස්ථාවේ ශාඛාව විසින් එම පරිශ්‍රය තුළ පෝස්ටර් ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.
එහිද, "ඩිජිටල් සංරක්ෂණ පුස්තකාලය අවභාවිත කිරීම සම්බන්ධව සොයා බලනු.” යනු වෙන් ඉල්ලීමක් සටහන්ව තිබූ බව වාර්තා වේ.
එහි පහත සඳහන් කරුණු ඇතුළත් කර තිබිණි.
මෑත කාලයේ ලබාදුන් සියලු පත්වීම් වහා අහෝසි කරනු.
අධයක්ෂවරුන්ට ලබාදෙන රු.68.000/- ක ඉන්ධන දීමනාව වහා අහෝසි කරනු.
සංස්ථා නිල නිවාස පරිහරණය කරන කොන්ත්‍රාත් නිලධාරීන්ගේ කාලය දීර්ඝ නොකරනු.
පසුගිය රජය සමයේ ඉටුකළ අයථා මුදල් ගනුදෙනු සහ ව්‍යාපෘති පිළිබඳව විධිමත් පරීක්ෂණයක් වහාම සිදු කරනු.
ඩිජිටල් සංරක්ෂණ පුස්තකාලය අවභාවිත කිරීම සම්බන්ධව සොයා බලනු.
ශ්‍රී ලංකා මිරර්


No comments:
Post a Comment