තවත් 03ක් මිය යයි.. දැන් 90යි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

තවත් 03ක් මිය යයි.. දැන් 90යි..

තවත් කොරෝනා ආසාදිතයන් 03 දෙනකු මරණයට පත්වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ සමගම මෙරට මිය ගිය කොරෝනා ආසාදිත සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කරන ආකාරයට එම මරණ වල තොරතුරු මෙසේය.

හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිය 86 හැවිරිදි කාන්තාවක් අයි ඩී එච් රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ ඇති වූ උග්‍ර ආසාදන තත්ත්වයකි.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයකු හෝමාගම මූලික රෝහලේ දී මිය ගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදන නිසා ලේ විෂවීමය.

කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනයක් සහ හෘදයාබාධ තත්වයකි.

No comments:

Post a Comment

Post Bottom Ad