යාපනය මාදගල් මුහුදු තීරයට ඔබ්බෙන් වූ මුහුදේ මසුන් අල්ලමින් සිටි යාපනයේ ධීවරයින්ගේ දැල් ආම්පන් සියල්ලක්ම ඉන්දීය ධීවරයින් විසින් විනාහ කොට පලා ගිය බවට එම ධීවරයින් පවසා සිටිති. මාදගල් මුහුදු තීරයේ මුහුදු සැතපුම් 10 ක් පමණ වූ මුහුදේ මසුන් අල්ලමින් සිටියදී අනවසරයෙන් උතුරු මුහුදට ටෝලර් යාත්‍රාවලින් ඇතුලු වූ ඉන්දීය ධීවරයින් පිරිසක් විසින් මාදගල්හි ධීවරයින්ගේ දැල් සියල්ල්කම් ඉරා විනාශ කොට පලා ගොස් ඇත.
මේ හේතුව නිසාවෙන් ධීවරයින් 23 දෙනෙකුට සිය දැල් ආම්පන්න අහිමි වී ඇති බවටත් ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුව ඇති බවටද ධීවරයින් වැඩි දුරටත් පෙන්වා දෙති.
– වන්නි රොමේෂ් මධුෂංඛ


No comments:
Post a Comment