කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා - විමල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

කොරෝනා ආධාර 5000 දුන්නේ සතියෙන් වියදම් කරන්න නොවෙයි.. සතියෙන් වියදම් කරගෙන දැන් නෑ කියනවා - විමල්

කොරොනා පැතිරීම හේතුවෙන් වසා දමා ඇති කොළඹ දිස්ත‍්‍රික්කයේ ප්‍රදේශවල ජනතාවට ලබා දුන් රුපියල් පන්දහසක මුදලක් සතියෙන් වියදම් කර දැන් මොකුත් නෑ කියන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රුපියල් පන්දහසක් ආධාරය ලබා දුන්නේ සතියකින් වියදම් කරන්න නොවන බව ද ඔහු පැවසීය.

තමන් මේ තොරතුරු පවසන්නේ කොළඹ දිසාපතිවරයාගෙන් විමසීමෙන් පසුව බවද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී විපක්‍ෂ මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා විසින් මතුකළ ප්‍රශ්නයකට පිලිතුරු ලෙසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ කොළඹ වසා දමා ඇති ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති බවත් ඔවුන් දැන් පාරට බැස විරෝධය පළ කරන බවත්ය.


No comments:

Post a Comment

Post Bottom Ad