බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් - කැටගොඩ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, November 21, 2020

බැසිල් පාර්ලිමේන්තු ආ යුතුමයි.. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න හැකි ඔහුටයි.. ඔහු වෙනුවෙන් තීන්දුවක් ගන්න සූදානම් - කැටගොඩ

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීම අවශ්‍යම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා සදහන් කරයි.

පාර්ලිමේන්තුවට පැමිණෙන දිනයන් බැසිල් රාජපක්ෂ මහතා තවම පැවසුවේ නැති බවද පවසයි.

එම තීන්දුව ඇත්තේ ඔහු අතේ බවත් එම තීන්දුව ගන්නා දිනයට තමන්ටද තීන්දුවක් ගන්න වන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

පක්ෂය වගේම ආණ්ඩුවද ඉදිරියට ගෙන යන්න පුළුවන් බැසිල් රාජපක්ෂ මහතාට බවත් එනිසා ඔහු පාර්ලිමේන්තුවේ සිටිය යුතුම බවත් පැවසූ කැටගොඩ මහතා ඒ සඳහා ඉඩ ලබා දීමට සැදී පැහැදී සිටින බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad