වත්තට වැටුනු බෝලය ගන්න ආ සිසුවාට දොස්තර වෙඩි තබයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

වත්තට වැටුනු බෝලය ගන්න ආ සිසුවාට දොස්තර වෙඩි තබයි

වෛද්‍යවරයකුගේ ගෙවත්තකට වැටුණු පන්දුවක් රැගෙන යාමට පැමිණි සිසුවෙකුට එම වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

ඒ හේතුවෙන් සිසුවා තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පොලිසිය සඳහන් කරන්නේ පන්නිපිටිය ඇරැව්වල ධර්මපාල විදුහලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි සිසුවකුට මෙම සිදුවීම සිදුවී සිදුව ඇති බවයි.

අදාළ වෛද්‍යවරයා මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන අයෙකු වන අතර දැනට අත්අඩංගුවට ගෙන ඇත.

රෝහල් ගත කර ඇති සිසුවාගේ තත්වය බරපතල නොවේ.


No comments:

Post a Comment

Post Bottom Ad