බදියුදීන් ඇප මත නිදහස් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

බදියුදීන් ඇප මත නිදහස් කෙරේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ අද නියෝග කළා. ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී අවතැන්වූවන් ඡන්ද පොල වෙත ප්‍රවාහනය කිරීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහජන මුදල් සාපරාධී ලෙස අවභාවිත කිරීම සම්බන්ධයෙන් වන නඩුව අද දිනයේ කැදවූ අවස්ථාවේදියි.

රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හළ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඇපකරුවන් ඔහුගේ ළඟම ඥාතීන් විය යුතු බවයි.

එසේම විදෙස් ගමන් තහනමක් ද රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයාට පැනවූ අතර ඒ සම්බන්ධයෙන් ආගමන විගමන ජනරාල්වරයාට දන්වන ලෙස ද නියෝග කර තිබෙනවා.

එමෙන්ම, සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඔවුන් දැනුම් දෙන අවස්ථාවකදී පෙනී සිටින ලෙසයි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ.


No comments:

Post a Comment

Post Bottom Ad