නිලධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිස් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

නිලධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිස් අත්අඩංගුවට

ස්නාහිර පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දුරකථන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට බැණ වැදුණු බවත් පසුව මෙලෙස පහරදුන් බවට එම නිලධාරිනිය චෝදනා නගා තිබුණා.

මේ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් ඉංජිනේරුවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර සිටින්නේ.

කෙසේ හෝ පහර දෙන අවස්ථාවේදී එම නිලධාරිනිය විසින් එය සිය ජංගම දුරකථනයේ පටිගත කර ගෙන තිබු අතර පසුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල හුවමරුවිමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබුණා.


No comments:

Post a Comment

Post Bottom Ad