බයිඩන් දිවුරුම් දීමටත් පෙර සගයෝ ලංකාවට එරෙහි වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

බයිඩන් දිවුරුම් දීමටත් පෙර සගයෝ ලංකාවට එරෙහි වෙති

මෙරිකානු ජනාධිපති ලෙස ජෝ බයිඩන් දිවුරුම් දීමටත් පෙර ඔහුගේ සගයන් දෙදෙනකු වූ බ‍්‍රැඞ් ශර්මන් සහ ජැට්ක්ස් රැස්කින් ශ‍්‍රී ලංකාවට එරෙහිව එරට කොංග‍්‍රස් සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. අතුරුදන් කිරීම් අවසන් කරනු මැයෙන් ගොනු කර ඇති මෙම යෝජනාවෙන් ශ‍්‍රී ලංකා රජය අතුරුදන් වීම්වලට වගකිවයුතු පාර්ශ්ව ගැන කටයුතු කිරීම සඳහා ඇමෙරිකානු රජය සම`ග එක්ව ක‍්‍රියා කළ යුතු බවත් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු බවත් දන්වා තිබේ.

ශ‍්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරන 30/1 ජිනීවා යෝජනාවට සමානව කෙටුම්පත් කර ඇති මෙම ඇමෙරිකානු යෝජනාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ රජය සතු වධකාගාර ගැන හෙළි කළ යුතු බවයි.

මෙම ඇමෙරිකානු යෝජනාව ඉදිරිපත් කර ඇති කොන්ග‍්‍රස් සභිකයන් දෙදෙනා ජෝ බයිඩන්ගේ ඩිමෝක‍්‍රටික් පක්‍ෂයේ ප‍්‍රධාන ක‍්‍රියාකාරීන් වේ.

-lankaleadnews


No comments:

Post a Comment

Post Bottom Ad