කොරෝනා මර්දන තාක්‌ෂණික කමිටුවෙන් ඉවත් වෙන බව රජයේ වෛද්‍යවරුන් කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 5, 2020

කොරෝනා මර්දන තාක්‌ෂණික කමිටුවෙන් ඉවත් වෙන බව රජයේ වෛද්‍යවරුන් කියයි

ශී‍්‍ර ලංකාවේ කොවිඞ් 19 ආසාදිතයින් වාර්තා වීම සිතියම්ගත කිරීම අවශ්‍ය බවත් එසේ කිරීමට අදාළ අංශ කටයුතු නොකරන්නේ නම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශ තාක්ෂණික කමිටුව වෙත ලබා දෙන සකී‍්‍රය දායකත්වයෙන් ඉවත් වීමට තීරණයක් ගෙන ඇති බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පැවසීය.

කොළඹ පැවති මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

පවතින කොවිඞ් වසංගත තත්ත්වය වටහා ගනිමින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් පිළිබදව තොරතුරු යාවත්කාලීන කරමින් එම තොරතුරු සිතියම්ගත කිරීමේ වැදගත්කම තම සංගමය මාසයක් තිස්සේ පෙන්වා දුන්න ද එය මේ දක්වා ඉටු නොවීම හේතුවෙන් මේ සතිය ඇතුළත අදාළ කටයුත්ත අනිවාර්යයෙන්ම සිදු නොවන්නේ නම් සෞඛ්‍ය අංශ වෙත තම සංගමය ලබා දෙන දායකත්වයෙන් ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව තීරණය කර ඇතැයි ද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා කියා සිටියේය.

කොවිඞ් 19 ආසාදිතයින් පිළිබඳව වාර්තාවීම දෛනිකව සිතියම්ගත කිරීමෙන් රටේ අවදානම් කලාප, ග‍්‍රාම නිලධාරි වසම්, දිස්ති‍්‍රක්ක සහ පළාත් පිළිබඳව ගත යුතු තීන්දු තීරණ සහ හුදෙකලා කළ යුතු ප‍්‍රදේශ, දිස්ති‍්‍රක්ක පිළිබ`දව ද නිවැරදි තීන්දු තීරණ ලබා ගැනීමේ හැකියාව පවතින බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina


No comments:

Post a Comment

Post Bottom Ad