විපක්ෂය පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් ඉල්ලයි: ආණ්ඩුව බෑ කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 24, 2020

විපක්ෂය පාර්ලිමේන්තුවට මාධ්‍යවේදීන් ඉල්ලයි: ආණ්ඩුව බෑ කියයි

යවැය විවාදය වාර්තා කිරීම සදහා යළිත් වතාවක් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ට අවසර ලබා දෙන ලෙසට සමගි ජන බලවේගය පක්ෂ නායක රැස්වීමේදී ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ. මෙහිදී එම පක්ෂ නියෝජිතයන් පක්ෂ නායක රැස්වීමේදී පෙන්වා දී ඇත්තේ පොලිස් නිලධාරීන් 1000කට වඩා කොරෝනා රෝගය වැළදී තිබුණද පාර්ලිමේන්තුවේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීම අත්හිටුවා නැති බවකි.

ඒ අනුව මාධ්‍යවේදීන්ටද අවසර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

නමුත් ආණ්ඩුවේ පක්ෂ නායකයන් ඊට එකගතාව පළ කොට නොමැති බව දැනගන්නට ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාද පෙන්වා දී ඇත්තේ අවශ්‍ය සියලුම තොරතුරු මාධ්‍යවේදීන්ට ලබා දීමට පියවර ගෙන ඇති බවකි.

මීට සති 2කට ඉහතදී පාර්ලිමේන්තුව ආවරණය කළ මාධ්‍යවේදීන් තිදෙනකුට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad