ගැසට් කල මිලට සහල් දෙන්නේ මේ කන්නයේ ගොයම් කැපුවට පස්සේ - ඇමැති බන්දුල - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

ගැසට් කල මිලට සහල් දෙන්නේ මේ කන්නයේ ගොයම් කැපුවට පස්සේ - ඇමැති බන්දුල

ගැසට් පත්‍රයක් මගින් සහල් සඳහා පනවා ඇති උපරිම සිල්ලර මිල යටතේ සහල් මිලට ගැනීමට හැකි වන්නේ මෙම කන්නයේ වී අස්වැන්න වෙළෙඳ පොළට ලැබුනේ ලැබීමෙන් පසු ව බව ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ දඹුල්ල තොග වෙළෙඳ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

ඉන්දියාවෙන් පොන්නි සම්බා ගෙන්වා පසුගිය රජය මෙන් රුපියල් 85 ක මිලකට බෙදා හැරීමට හැකියාව ඇතත් මෙම රජය එවන්නක් සිදු නොකරන බවද ඔහු පැවසීය.

වත්මන් රජය ගොවියාගේ පැත්තෙන් සිතන බවත් ඉදිරියේදී වී තොග ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත්වණු ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad