LPL ආ විදෙස් ක‍්‍රීඩකයන් සිටින හෝටල් ඉදිරිපිට විරෝධතා.. තරගාවලිය කඩාකප්පල් කරන දුරකථන කුමන්ත‍්‍රණයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, November 22, 2020

LPL ආ විදෙස් ක‍්‍රීඩකයන් සිටින හෝටල් ඉදිරිපිට විරෝධතා.. තරගාවලිය කඩාකප්පල් කරන දුරකථන කුමන්ත‍්‍රණයක් !

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ‍ක‍්‍රීකට් තරගාවලිය පැවැත්වීම නතර කිරීම සඳහා සමගි ජන බලවේගය දේශපාලකයින් පිරිසක් පහත් පෙළේ උත්සාහයක යෙදෙමින් සිටින්නේ ඇයි ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. නමුත් එම කඩාකප්පල්කාරී උත්සාහයන් සියල්ල පරාජය කරමින් මෙම තරඟාවලිය පවත්වන බවද ඔහු කීය.

තරගාවලිය නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පැවැත්වීමට කටයුතු කර තිබියදී සමගි ජන බලවේගය ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විදෙස් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටල් ඉදිරිපිටට ගොස් විරෝධය දැක්වීමට තරම් පහත් තත්වයකට පත්ව ඇති බවත් තමන් ඒ ගැන දැඩි ලෙස කණගාටු වන බවත් ඔහු කියා සිටියේය.

කොරෝනා වෛරසය පාලනය කිරීමට සමගාමීව අනෙක් කටයුතු ද සෞඛ්‍ය උපදෙස් අනුව සිදු කිරීමට ලොව බොහෝ රටවල් කටයුතු කරමින් සිටින බවත් එම රටවල් ක්‍රීඩා තරගාවලි ද ඒ අනුව පවත්වන බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.

වසංගතය පාලනය කරමින් සිටින අවස්ථාවක මෙරට ක්‍රීඩා කටයුතු වැඩි දියුණු කිරීමටත් තමා පියවර රැසක් ගනිමින් සිටි බවද පවසන ඇමතිවරයා මෙම තරඟාවලිය ඉන් එකක් පමණක් බවත් ඊට සියලු දෙනා සහයෝගය දිය යුතු බවද තවදුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad