මියයන අයට කොරෝනා යයි හෙලිවන්නේ මරණ පරීක්‍ෂණයේදී ,ලංකාව බැරෑරුම් තැනකට. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 5, 2020

මියයන අයට කොරෝනා යයි හෙලිවන්නේ මරණ පරීක්‍ෂණයේදී ,ලංකාව බැරෑරුම් තැනකට.

දෙවැනි කොරෝනා වටයේදී මියයන ඇතැමුන් කොරෝනා ආසාදිතයින් යයි දැනගන්නේ මරණයෙන් පසු ව බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙම තත්වය ඉතා බරපතල තත්වයක් යයි එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙයි.

ඒ අනුව කොරෝනා නිවස කරා පැමිණ ඇති බවත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් ඉතාම බැරෑරුම් තැනක අද ලංකාව සිටින බවත් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු විය යුතු බව ඔහු කියා සිටියේය.

අද වන විට නිවාස ආශ්‍රිතව නිරෝධායනට ලක් කර ඇති හැට දහසක පමණ පිරිසක් සිටින බවත් ඔවුනගේ නිරෝධායන කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වන බව පැවසූ ඔහු එම පුද්ගලයන් සඳහා කොරෝනා පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය PCR කට්ටල ඇති දැයි ගැටළුවක් ඇතැයි ද කියා සිටියේය.

PCR පරීක්ෂණයක් නොකර සමාජයට මුදා හැරීමට නොහැකි තත්වයක් මතුව ඇතැයි පැවසූ ඔහු දින දාහතරෙන් පසුව ඇතැමුන් කොරෝනා ආසාදිත තත්ත්වය පෙන්වන බවද සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

-Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad