කොමිසමේදී අමතක වූ දේවල් මෛත්‍රීට ගෙදර ගියාම මතක් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 26, 2020

කොමිසමේදී අමතක වූ දේවල් මෛත්‍රීට ගෙදර ගියාම මතක් වෙයි

පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමන් සිදු කළ ඉන්දීය තිරුපති සංචාරයට සිය දරුවන් ති‌දෙනාම සහභාගී වූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (26) පිළිගත්තේය. නීතීඥවරුන් ඇසූ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව සදහන් කළේය.

නමුත් ඊයේ දිනයේදී නීතීඥවරුන් මෙම ප්‍රශ්නය විමසද්දී සිරිසේන මහතා කියා සිටියේ තමන්ට දරුවන් සහභාගී වූවාද යන්න අමතක බවකි.

එමෙන්ම 2018 වසරේදී ඉන්දීය ආරක්ෂක නියෝජිතයන් කණ්ඩායමක් ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔවුන් මුණ නොගැසුණු බව මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටි සිරිසේන මහතා අද දින එය වෙනස් කරමින් එම කණ්ඩායම තමන් හමුවූ බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad