බන්ධනාගාර සිරකරුවෙක් මිය යයි.. කොරෝනා යයි මරණ පරීක්‍ෂණයෙන් හෙලිවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

බන්ධනාගාර සිරකරුවෙක් මිය යයි.. කොරෝනා යයි මරණ පරීක්‍ෂණයෙන් හෙලිවේ !

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවෙක් මියගොස් ඇති අතර දේහය සම්බන්ධයෙන් සිදු කල මරණ පරීක්‍ෂාවේදී හෙලිව ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු බවයි.

මෙම පුද්ගලයා 82 හැවිරිදි පුද්ගලයෙකු වූ අතර ඔහු පිළිකා රෝගීන් පෙලීම හේතුවෙන් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලැබූවෙකි.

2006 වසරේදී ඔහු බන්ධනාගාරලක කර ඇත්තේ මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වීමෙනි.

බන්ධනාගාර රෝහල කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් කිරීම හේතුවෙන් ඔහු මහර බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී ඇති වූ රෝගී තත්වයක් උත්සන්න වූ පසු රාගම ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති අතර එහිදී මෙම පුද්ගලයා මියගොස් ඇත.

දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද කොරෝනා පරීක්ෂණයක දී ඔහු ආසාදිත යයි හෙළිවී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad