මද‍්‍රසා පාසැල් තහනම් කරනු.. ඇමති ජීඑල්ට ඇමති විමල් මත ගැටේ.. පාර්ලිමේන්තුවේදී විරුද්ද වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

මද‍්‍රසා පාසැල් තහනම් කරනු.. ඇමති ජීඑල්ට ඇමති විමල් මත ගැටේ.. පාර්ලිමේන්තුවේදී විරුද්ද වෙයි

මද‍්‍රසා පාසල්වලට මෙරට තුල ක්‍රියාත්මක වීම තහනම් කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවූ ජනවරමේ බලාපොරොත්තුව මෙරට අන්තවාදය මුලිනුපුටා දැමීම පමණක් නොව අන්තවාදය බිහිවන ඝර්භාෂයන්ද මුලිනුපුටා දැමීම බවයි.

මෙරට ක්‍රියාත්මක මද්‍රසා පාසැල් අන්තවාදය සහ ත්‍රස්තවාදය පතුරුවා හරින බව දැනට ක්‍රියාත්මක වන කොමිෂන් සභාවල දී සාක්ෂි පවා ලැබී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

අද පාර්ලිමේන්තුවේ දී අය වැය විවාදය අතරතුර දී ඒ මහතා මෙම අදහස් පළ කලේය.

කෙසේ නමුත් මීට දින දෙකකට පමණ පෙර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මද‍්‍රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන බවයි. ඒවා අධීක්ෂණය තම වගකීමක් බවද ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad