අලි සබ්රිගේ කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කරලා - හේෂා - මම මලොත් පුච්චන්න - සබ්රි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, November 23, 2020

අලි සබ්රිගේ කොරෝනාවෙන් මිය ගිය ඥාතියෙන් භූමදානය කරලා - හේෂා - මම මලොත් පුච්චන්න - සබ්රි


අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඥාති සහෝදරියක් මියයාමෙන් පසු කොරෝනා ආසාදනයයි දැනගත් හෙලිවීමෙන් ආදාහනය කරන්න නියම කර තිබුණද ඉහලින් පැමිණි දුරකතන ඇමතුමක් මාර්ගයෙන් නැවතත් කොරෝනා පරීක්ෂණ සිදු කර කොරෝනා නැතැයි වාර්තා ලබාගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.

රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කලුබෝවිල රෝහල දී කරන ලද මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත යැයි තහවුරු වී ඇතැයි ද ඇතැයිද ඒ අනුව ආදාහනය කිරීමට නියම කර ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
නමුත් ඉහළින් පැමිණි දුරකථන ඇමතුමක් හේතුවෙන් නැවත වතාවක් මළසිරුරට කොරෝනා පරීක්ෂණයක් සිදුකර කොරෝනා නැතැයි පවසා භූමදානය සිදුකර ඇතැයිද ඔහු කියා සිටියේය.

මෙය අධිකරණ ඇමතිවරයාගේ ඥාති අනුව සිදුකරන ලද කටයුත්තක් යයිද ඔහු චෝදනා කළේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තුව අමතමිනි.

කෙසේ නමුත් අධිකරණ ඇමති අලි සබ්රි මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ කිසිම පදනමක් නැති අසත්‍ය චෝදනාවක් බවත් එවන් තුට්ටු දෙකේ වැඩ තමන් කිසිසේත් නොකරන බවත්ය.

තමා කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තමන්ද ආදාහනය කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

එල්ල කරන මෙම චෝදනාව සත්‍ය බව ඔප්පු කළහොත් තමන් මන්ත්‍රීධූරයෙන් ද ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද ඇමතිවරයා තවදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad