'තව අවුරුදු දෙකක්වත් කොවිඞ් සමග දිවි ගෙවන්න වෙයි.'-සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 4, 2020

'තව අවුරුදු දෙකක්වත් කොවිඞ් සමග දිවි ගෙවන්න වෙයි.'-සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක

 

කොවිඞ්-19 වෛරසය මෙරට තුළ පැතිර යෑමේ යම් අවදානමක් පවතින බැවින් තවත් වසර දෙකක පමණ කාලයක් වෛරසය සමග දිවි ගෙවීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

 ඊයේ (04 දා* සිය අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවැසීය.

‘පවතින වත්මන් තත්ත්වය අනුව දිනකට කොවිඞ් ආසාදිතයන් හාරසියයත් පන්සියයත් අතර ප‍්‍රමාණයක් ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වෙනවා. එය තරමක් දරුණු තත්ත්වයක්’ යැයිද එ් මහතා අවධාරණය කළේය.

 මේ වන විට හැටදහසක් පමණ ස්වයං නිරෝධායනයට යොමුකර සිටිනවා. ඔවුන්ගේ පී.සී.ආර්. වාර්තා අනුව ඉදිරියේදී ආසාදිතයන්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි නිසා ඉදිරිය පැහැදිලි නැහැ කියලත් කියන ගමන්ම කොරෝනාව අපි හොඳින් මර්දනය කර ඇතැයි කියලා කියන්නත් හැකියාවක් නැතැයිද හෙතෙම පැවසීය.

 සෞඛ්‍ය අංශ මගින් රටේ ජනතාව දැනුවත් කර ඇති කොවිඞ්-19 වෛරස පැතිරවීම වළක්වා ගැනීම පිළිබඳව මාර්ගෝපදේශයන් පිළිපැදීම හැර මෙම වෛරස් රෝගී තත්ත්වය පාලනය කිරීමේ වෙනත් විකල්ප කිසිවක් නැතැයිද වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

-සුජීව තත්සර

-දිවයින පුවත්පත.

No comments:

Post a Comment

Post Bottom Ad