මීගමුව බන්ධනාගාරයත් කොවිඩ් ආසාදිතයි.. පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර තිස් දෙනෙක් වැලිකඩින් මීගමුවට එවලා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 26, 2020

මීගමුව බන්ධනාගාරයත් කොවිඩ් ආසාදිතයි.. පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර තිස් දෙනෙක් වැලිකඩින් මීගමුවට එවලා..

බන්ධනාගාර කොවිඩ් පොකුර හත්සිය අනූව දක්වා ඉහළ ගොස් ඇති අතර මීගමුව බන්ධනාගාරයෙන්ද මුල් වරට වයිරසය ආසාදිත රැඳවූවකු ඊයේ (26 වැනිදා) හමුවිය.
ඊයේ (26 වැනිදා) පමණක් බන්ධනාගාර ගත රැඳවූවන් 36 දෙනකුට සහ එක් බන්ධනාගාර නිලධාරියකුට කොවිඩ් ආසාදනය වී ඇත.

ඒ අනුව මේ වන විට බන්ධනාගාර රැඳවූවන් 743 දෙනකුට සහ බන්ධනාගාර නිලධාරීන් 47 දෙනකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයන් වූ මීගමුව බන්ධනාගාරයේ රැඳවූවා මිට දින කිහිපයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිට මාරු කර එවූ අයෙකි. රැඳවූවෝ තිස් දෙනෙක් එලෙස මාරු කර එවා ඇත්තේ වැලිකඩදී කළ පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබීමට පෙරය. මෙම තිස් දෙනාම වයි.ඕ. වාට්ටුවේ වෙනම රැඳවා තැබීමට ගත් පියවර නිසා සෙසු රැඳවූවන්ට වයිරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට හැකි වී ඇත. එසේ නොවූයේ නම් දෙදහස් දෙසියයක් පමණ වන රැඳවූවන්ගේ ආරක්ෂාවට ගැටලුවක් වීමට ඉඩ තිබූ බව එහි ආරංචි මර්ග සඳහන් කළේය.

ඉෂාර රත්නකාර, හේමන්ත ලියනපතිරණ

-aruna

No comments:

Post a Comment

Post Bottom Ad