කොළඹ නැගෙනහිර පර්යන්තය දියුණු කරන්න ආයෝජකයන් කැඳවනවා.. ඒකට විකිණීමක් කියන්නේ මොලේ අමාරුකාරයන්.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 26, 2020

කොළඹ නැගෙනහිර පර්යන්තය දියුණු කරන්න ආයෝජකයන් කැඳවනවා.. ඒකට විකිණීමක් කියන්නේ මොලේ අමාරුකාරයන්..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයන් කැඳවීමට දීමට සිදුවන බවත් එය කිසිසේත්ම විකිණීමක් නො වන බවත් වරාය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. එය විකිණීමක් ලෙස අර්ථ දක්වන්නේ මොලේ අමාරු කාරයන් බවත් ඇමතිවරයා පැවසීය.

සෞභාග්‍යය දැක්ම ප‍්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මක වන මෙම ආණ්ඩුව ජාතික සම්පත් කිසි දෙයක් විකුණන ආණ්ඩුවක් නොවන බව ද ඔහු සඳහන් කළේ ය.

නමුත් විවිධ ක්‍ෂෙත‍්‍ර දියුණු කිරීමට ආයෝජකයන් අවශ්‍ය වන බවත් ඔවුන් එන්නේ ඉන්දියාවෙන්ද, චීනයෙන්ද, ඇමරිකාවෙන් ද, එංගලන්තයෙන් දැයි වැදගත් නොවන බවත් ඒ මහතා පැවසීය.

රට ඉදිරියට යන ගමනට ආයෝජකයන්ට කැඳවන බවත් ඕනෑම ආයෝජකයෙකුට මෙරටට පැමිණීමට හැකි නමුත් කිසිදෙයක් විකුනන්නෙ නැති බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad