ආණ්ඩුවට ජනතාවගේ ජීවිතවලට වඩා LPL කානිවල් වැදගත්ද ? - සජබ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 6, 2020

ආණ්ඩුවට ජනතාවගේ ජීවිතවලට වඩා LPL කානිවල් වැදගත්ද ? - සජබ

කොරෝනා දෙවැනි රැල්ල තවදුරටත් ව්‍යාප්ත වෙමින් යද්දී, කොරෝනා ආසාදිතයන් නිවාස තුළම මිය යමින් සිටිද්දී කොරෝනා අමතක කර කානිවල් පැවැත්වීමට සූදානම් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. ආණ්ඩුවට ජනතාවගේ ජීවිතවලට වඩා LPL ක්‍රීඩා සැණකෙලිය වැදගත් වී ඇති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

හෙක්ටර් අප්පුහාමි මහතා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් කෙටියෙන්ම පවසන්නේ නම් 'ආණ්ඩුව කොරෝනා අතාරිනවා - ජනතාව අකාලයේ මිය යනවා' යනුවෙන් සඳහන් කළ හැකි බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

කොරෝනා පළමු රැල්ල රටට ඇතුළු වූයේ ආණ්ඩුවේ නොසැලකිලිමත් බව නිසා බවත්, නිසි අවස්ථාවේදී ගුවන් තොටුපල වසා දමා රටට ඇතුළුවීමේ මාර්ග අවහිර කළේ නම් වෛරසය රටට ඇතුළු නොවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා. දෙවැනි රැල්ලටද ආණ්ඩුව වගකිව යුතු බවත්, මෙතරම් අවදානමක් තිබියදී රට විවෘත කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඉදිරියේදී කොරෝනා තෙවැනි, සිව්වැනි රැලි ඇතිවීමේ අවදානමක් මතුව තිබෙන බවද ඔහු පවසනවා.

No comments:

Post a Comment

Post Bottom Ad