2015 සිට මෙරට ජනාධිපතිවරුන් සහ අගමැතිවරුන් පත් වන්නේ විදේශ රටවල බලපෑම් මත දැයි සැක සහිත බව අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය හේතුවෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රසිද්ධිය එකවරම කඩා වැටුණු බවද එනිසා ඔහු ජනාධිපතිවරණය ඉවත් කර වෙනත් වෙනත් ජනාදිපතිවරයෙකු පත්වීමටද එම ප්‍රහාරය හේතු වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය වැටලීම් වැනි දේ හරහා ප්‍රසිද්ධියක් ලබා සිටි බවත් ඔහු ගෙදර යවා වෙනත් ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට අවශ්‍ය වූයේ කාට ද යන්න ගැටළු සහගත බවත් ඔහු පැවසීය.
ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කරන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමිනි.


No comments:
Post a Comment