මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පෝලිමේ කොරෝනා පැණිය බීලා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 10, 2020

මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී පෝලිමේ කොරෝනා පැණිය බීලා !

මේ වන විට පාර්ලිමේන්තුවට කොරෝනා නසන පැණිය ගෙනවිත් ඇතැයි තමාට ආරංචි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද(10) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අද පාර්ලිමේන්තුවේ පෝලිමක් තිබූ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

"කොරෝනා පැනිය බිව්වද කවුරු හරි ගත්තද කටවහගෙන ඉන්නේ ඇයි දන්නේ නෑ. අරගෙන වගේ පේන විදියට" යැයි හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂය දෙසට ඇඟිල්ල දිගුකරමින් පැවසීය.

කොරෝනා පැනියේ ප්‍රශ්නයක් නැති බවත් මේ රටේ විද්‍යාවයි මිත්‍යාවයි කියලා දෙකක් තිබෙන බවත් ලෝකේ යන්නේ විද්‍යාව පැත්තට බවත් අපි යන්නේ මිත්‍යාව පැත්තට බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad