ගංවතුරට හසුව මරණාසන්නව සිටි ගවයින් 500කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවෙන් බේරා ගනී… - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 8, 2020

ගංවතුරට හසුව මරණාසන්නව සිටි ගවයින් 500කට ආසන්න ප්‍රමාණයක් යුද හමුදාවෙන් බේරා ගනී…

මන්නාරම පෙරියමඩු ප්‍රදේශයේ පැවති දැඩි ගංවතුර තත්වයකට හසුව මරණාසන්නව සිටි ගවයින් 413 දෙනෙකු යුද හමුදාව විසින් බේරා ගැනීමට සමත්ව වූ අතර ගවයින් 12 දෙනෙකු සැඩ වතුරට ගසාගෙන ගොස් සිටිදී මළ සිරුරු හමු වූ බවට යන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

අදාල ගවයින් පෙරියමඩු ප්‍රදේශයේ අතුරුදහන්ව ඇති බවට ගවයින්ගේ හිමිකරුවන් විසින් යුදහමුදාවට දැනුම් දීමෙන් පසව එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ යුද හමුදා සෙබලුන් විසින් බොට්ටු යොදා ගනිමින් අතරමංව සිටි ගවයින් බේරාගෙන හිමිකරුවන්ට ඊයේ (07) දින භාර දීමට පියවර ගෙන තිබුණි.

පෙරියමඩු වැව පිටාර ගැලීම හා අධික වර්ෂාව හේතුවෙන් පෙරියමඩු ප්‍රදේශයේ එකවරම ජලමට්ටම ඉහල ගොස් ගංවතුර තත්වයක් ඇතිවීමෙන් මෙලෙස ගවයින් අතරමංව සිටි අතර අතරමංව සිටි ගවයින්ගෙන් ගවයින් 12 දෙනෙකු ජලපහරට ගසාගෙන ගොස් මිය ගොස් සිටියදී මළ සිරුරු සොයා හිමිකරුවන්ට භාරදීමටද යුද හමුදාව කටයුතු යොදන ලදි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි 65 වන සේනංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානයකගේ අධීක්ෂණයෙන් , 652 සහ 653 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් වූ බ්‍රිෙග්ඩියර් සංක ජයමහා සහ බ්‍රිෙග්ඩියර් උදය හේරත් යන අයගේ නායකත්වයෙන් 23 වන පාබල හමුදාවේ සහ 23 ගජබා රෙජිමෙන්තුවේ සෙබලුන් විසින් මෙම මහගු කාර්යට දායක වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad