කොරෝනා මදිවට වැලි මැස්සාත් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි - රෝගීන් 500 ක් හමු‍වෙලා - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

කොරෝනා මදිවට වැලි මැස්සාත් ශ්‍රී ලංකාව ආක්‍රමණය කරයි - රෝගීන් 500 ක් හමු‍වෙලා

වැලි මැස්සා නමැති කෘමි සත්වයෙකු හරහා බෝවන ලිස්මනයිසිස් රෝගය මේ වනවිට උතුරු මැද පළාතේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වී තිබෙනවා. මෙම රෝගයට ගොදුරු වූ පුද්ගලයන් 500 ක් පමණ මේ වනවිට හමු වී ඇති බවයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසන්නේ.

මිනිසාට වඩාත් හානිකර බෝවන රෝග අතරින් ලෝකයේ 09 වැනි ස්ථානයට පත්ව තිබෙන්නේ මෙම ලිස්මනයිසිස් රෝගයයි. වැලි මැස්සා හරහා පැතිරෙන පරපෝෂිතයෙකු මගින් මෙම රෝගය ව්‍යාප්ත වේ.

මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප‍්‍රදේශවලින් රෝගීන් හමු වී තිබෙනවා.

ලිස්මනයිසිස් රෝග ව්‍යාප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් මෙම මස 15 වැනි අඟහරුවාදා උදේ 09 සිට දහවල් 12.30 දක්වා අනුරාධපුර විජයපුර පළාත් සෞඛ්‍ය පුහුණු ඒකකයේදී පැවැත්වෙන බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad