රජය පඩි ගෙවන එක ගැන රජයේ සේවකයන් පුදුම වෙන්න ඔ්නෑ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

රජය පඩි ගෙවන එක ගැන රජයේ සේවකයන් පුදුම වෙන්න ඔ්නෑ..

අද වන විට රජයේ සේවකයන්ට ආණ්ඩුව සම්පූර්ණ වැටුප ම ගෙවිම ගැන ඔවුන් පුදුම විය යුතු යැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොරෝනා හේතුවෙන් අද ගතකරමින් සිටින්නේ ඉතාම අසීරු අවධියක් බව ද ඔහු පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොවුනේ මන්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.

අද වනවිට ලොව පුරා රටවල කෝටි ප්‍රකෝටි ගණනක ජනතාවකට තමන්ගේ රැකියාව අහිමි වී ජීවනෝපාය නැතිව ගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් අඩ වැටුප් ලබන බවත් ඔහු පැවසීය.

ශ‍්‍රී ලංකාවේ ද පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුපෙන් කොටසක් හෝ ගෙවන්නේ ඇමතිවරයාගේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් බවද පැවසූ ඔහු අද වන විට කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි ද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad